පරිස්සමෙන් පරිහරණය කරන්න!

Handle With Care

පොඩි කාලෙදී තාත්තා අපිට සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නම ඉස්සෙල්ලාම, පොඩ්ඩක සැරෙන් වගේ කියන්නෙ “පරිස්සමෙන්, කඩන්නේ නැතුව සෙල්ලම් කරන්න.” කියලා.

එහෙම කියන්නේ ඒවා කැඩුනොත් ආයේ අරන් දෙන්න වෙන නිසාම නෙවෙයි, සමහර විට එහෙම අරන් දෙන්න සල්ලි නැතුව වෙන්නත් පුළුවන්. එහෙම කියන්නේ ඒවා ගන්න දුක් මහන්සි වෙලා හම්බ කරපු හැටි දන්නෙ එයාම නිසා. අපිට නැති වුනත් ඒකෙ වටිනාකමක් එයාට තියෙනවා.

අපි‍ට යමක් ලැබුණාම ඒවා වල වටිනාකම තේරුම් අරගෙන පරිස්සමෙන් පාවිච්චි කරන්න ඉස්සෙල්ලාම ඉගෙන ගන්නේ එතනින්.
දැන් පොඩ්ඩක් හිතන්න. දෙමාපියනට ලැබුණු ලොකුම තෑග්ග මොකක්ද? බොහෝම අමාරුවෙන් ලෝකෙට බිහිකරපු, දුක් මහන්සියෙන් හදා වඩා ගත්ත තමාගේම දරුවන් නේද?

ඒගොල්ලන්ට හම්බවෙච්ච ඒ තෑග්ග රැකගන්න මොන තරම් නං දේවල් කරනවද? අපිට කන්න බොන්න දීලා, හොඳට උගන්නලා, පන්ති වලට එක්කං ගිහිල්ලා පන්තිය ඉවර වෙනකන් අනික් ඔක්කෝම වැඩ පැත්තකින් තියලා බලං ඉඳලා, අනාගතය ගැන හිතලා රක්ෂණ ඔප්පුවකුත් අරගෙන, රෑ ජාමෙට ගෙදර එනකල් නිදි මරාගෙන බලං ඉඳලා, කොච්චරනං කට්ටක් කන්න ඇත්ද?

මෙච්චර මහන්සි වෙලා අපේ දෙමාපියන් ලොවට දායාද කරපු මේ ජිවිතයත් එක්ක අපි මොනවාද කරන්න?

අනිත් අයගෙ ජිවිත කොහොමද කියන්න මම දන්නේ නෑ. වෙන කෙනෙකුට ජීවත් වෙන්න ඕනේ කොහොමද කියලා කියන්නත් මට අයිතියකුත් නෑ. මං කියන්නේ මේකයි. පොඩ්ඩක් නැවතිලා ආපස්ස බලලා, ඉදිරියත්, බලලා අපේ ජිවිත වලට ආදරය කරලා, අනිත් අයගෙ ජිවිතත් පොඩ්ඩක් ලස්සන කරන්න පුළුවන්නම්. ඒක මං හිතන්නේ අපිට ජීවිතය දුන්න අයට කරන්න පුලුවන් ලොකු ගෞරවයක්!

8 thoughts on “පරිස්සමෙන් පරිහරණය කරන්න!

  1. මගේ නම් අදහස මේ ජීවිතේ අපිට ලැබුනේ අපේ ඕන කමකට නෙමෙයි. කිසියම් හේතුවක් නිසා අපිට ඒක ලැබුන ඒක නිසා ඒක අපේ ජීවිතේ. අපි අපේ ජීවිතේ අපිට කැමති විදිහට ගත කලාට කමක් නැහැ කියලා. ඒකෙන් අදහස් කරන්නේ නැ අනික් අයට කරදරයක් වෙන විදිහට අපේ ජීවිතේ ගත කරන්න ඕනේ කියලා. අපි අපිට වඩාත් සුව පහසු විදිහට ගත කලාට කමක් නෑ වගේ අදහසක මන් ඉන්නේ.

    තීම් එක ගති

    Liked by 1 person

    1. අපේ ජිවිත අපිට අයිති කියන එකට මාත් එකඟයි. මං කියන්නේ අපේ ජිවිත අපි අපේ පාඩුවේ ගත කරන ගමන් ඒක පරිස්සමෙන් පරිහරණය කරන එක අපිටමනෙ හොඳ .

      අදහස් ප්‍රකාශ කරාට බොහෝම ස්තුති 🙂

      Like

  2. අැත්ත කතාව. දෙමව් පියන්ගේ අගය හරියටම තේරෙන්නේ අපි ඒ තත්වයට පත් වුන දාකයි. ඒක මං අත් දැකීමෙන්ම දන්නවා… ඒත් හුඟාක් අය එතකොට පරක්කු වැඩියි…
    ජීවිතය කියන්නේ කොහොමත් හරි පුදුම දෙයක්…

    Liked by 2 people

    1. අපිට‍ ජිවිතය අගය කරන්න කියලා දුන්න අයව ඉසිසේල්ලම අගය කරන්න පුළුවන් වෙන්න ඕනේ

      Liked by 1 person

Leave a comment